ඉන්දියාව මේ ලැහැස්තිය තෙල් නොගෙන රුසියාවේ කනෙන් රින්ගීමටද?

United Russia United States of America Government Of India
By Subodha Apr 24, 2022 04:40 AM GMT
Subodha

Subodha

Report

රුසියාව සමග ආර්ථික සබඳතා ස්ථාවරව තබා ගැනීමට බලාපොරොත්තු වුවද තම රට රුසියානු බොරතෙල් ලබා ගන්නේ “ඉතා සුළු” ප්‍රමාණයක් බව ඉන්දියාව යළි අවධාරණය කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දාම් බග්චි මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාව රුසියානු බොරතෙල් වැඩිපුර මිලදී ගන්නා බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ විමසීමකදීයි.

“රුසියාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය පැහැදිලි සහ ස්ථීර එකක් වන අතර දෙරට අතර ආර්ථික සබඳතා ස්ථාවරව තබා ගන්නේ කෙසේදැයි සොයා බලමින් සිටින නමුත් අප රුසියාවෙන් ලබා ගන්නේ ඉතා සුළු තෙල් ප්‍රමාණයක්. එය රජයෙන් රජයට පදනමින් සිදු නොවේ” යැයි ඔහු සදහන් කර තිබෙනවා.

බග්චි මාධ්‍ය කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම වැඩි වී තිබේද නැද්ද යන්න තමා නොදන්නා බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දියාව අමෙරිකාව සමඟ ඉතා හොඳ සංවාදයක් පැවැත්වූ බවද ඔහු මෙහිදී කියා සිටියා.

බග්චි මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය මෙන්ම වට්ටම් සහිත රුසියානු තෙල් ලබා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් බටහිර රටවල යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇති පසුබිමකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....


join now