75 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම අදයි..

By krishani Feb 04, 2023 02:51 AM GMT
Report

අද (04) කොළඹ ගාලු මුවදොර දී 75 වැනි ජාතික නිදහස් දින සැමරුම අභිමානවත් අයුරින් පැවැත් වේ.

මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 3,284 දෙනෙකු සහ සන්නද්ධ රථ 179 ක්, නාවික හමුදාවේ 867 දෙනෙකු සහ සන්නද්ධ රථ 52 ක් සහභාගි වන අතර ගුවන් හමුදාවේ නිලධාරින් සහ සෙසු නිලයන් 695 ක් සන්නද්ධ රථ 109 ක් සහ පොලිසියේ 336 දෙනෙකු මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ 220 දෙනෙකු සහභාගි වීමට නියමිතය.

සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් 437 දෙනෙකු මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා සහභාගි වන අතර යුධ හමුදාවේ 3,284 දෙනෙකු, නාවික හමුදාවෙන් 867 දෙනෙකු සහ ගුවන් හමුදාවෙන් 695 දෙනෙකු මෙවර නිදහස් දින පෙළපාලියට එක් වේ.

නිදහස් දින උත්සවයට සහභාගි වීම සදහා බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මූමල්, නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය බිමාලා රායි පෝද්යාල් දිවයිනට පැමිණ ඇති අතර ජපන් විදේශ අමාත්‍ය සන්ෂුකේ ටකේ, මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් සහ භූතාන අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බීර් රායි ද මෙරටට පැමිණ ඇත.

මේ අතර 75 වැනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනෙකුට සහ රැඳවියන් 31 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join