දිලිත් ජයවීරගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

Report

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට එරෙහිව කර තිබෙන නිගමනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (30) තීන්දු කළේය.

බදු ගෙවන්නන්ට අතිවිශේෂ දැනුම්දීමක් - ලබා දුන් මේ කාලසීමාව අදින් අවසන්

බදු ගෙවන්නන්ට අතිවිශේෂ දැනුම්දීමක් - ලබා දුන් මේ කාලසීමාව අදින් අවසන්

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද නිගමනය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කර තිබිණි.

අනිද්දාට හිටපු අමාත්‍ය විමල් වීරවංශට මොකක් වෙයිද? CCIBට කැඳවීමක්

අනිද්දාට හිටපු අමාත්‍ය විමල් වීරවංශට මොකක් වෙයිද? CCIBට කැඳවීමක්