මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් - නොසිතූ ආදායක් ඉක්මවයි

Report

වසර අවසානයට බිලියන 100ක අතිරික්ත ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා ලබාදී තිබූ අපේක්ෂිත ආදායම් ඉලක්කය මේ වන විටත් ඉක්මවා ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම වසර අවසන් වන විට නියමිත ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 100ක පමණ අතිරික්ත ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇති බවයි.

බදු ගෙවන්නන්ට අතිවිශේෂ දැනුම්දීමක් - ලබා දුන් මේ කාලසීමාව අදින් අවසන්

බදු ගෙවන්නන්ට අතිවිශේෂ දැනුම්දීමක් - ලබා දුන් මේ කාලසීමාව අදින් අවසන්

මෙම වසරේ ජූනි මස 30 වන විට සපුරා ගැනීමට අපේක්ෂා කළ ආදායම් ඉලක්කය 40%ක් වූ අතර, එම දිනය වන විට 46%ක ආදායම් ප්‍රගතියක් සපුරා ගැනීමට දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

මේ අතර, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන අවසන් ආදායම් බදු ගෙවීම් සිදුකිරීමට ලබාදී ඇති කාලසීමාව අද (30) දිනෙන් අවසන් වන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩිදුරටත් මතක් කර සිටියි.

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් - නොහිතපු සංචාරක‍යන් ප්‍රමාණයක් දිවයිනට

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් - නොහිතපු සංචාරක‍යන් ප්‍රමාණයක් දිවයිනට