ඉන්දියාවෙන් බෙහෙත් ගන්න දුන්න සල්ලි වලට කරන්න යන වැඩේ මෙන්න..

Sri Lanka Economic Crisis India
By Sithumi May 01, 2022 12:02 PM GMT
Sithumi

Sithumi

Report

අසල්වැසි ඉන්දියාව ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය සඳහා පමණක් කෙටි කාලීනව ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් වානේ ආනයනය කිරීමට යොදා ගැනීමට සූදානමක් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගයක් හරහා දැනගන්නට ලැබෙනවා.

මෙම ණය මුදලෙන් මේ වනවිට ඩොලර් මිලියන 250ක මුදලක් වියදම් කර අවසන් බවද වාර්තාවනවා.ඉන් පසුව ඉතිරි වූ මිලියන 750න් කොටසක් මෙලෙස වානේ ආනයනය සඳහා යෙදවීමට සූදානම් බව මෙම ආරංචි මාර්ග සඳහන් කරනවා.

රටට ආහාර , ඉන්ධන , ගෑස් ආනයනයට මුදල් නොමැති අවස්ථාවක මෙම පියවර පිළිබදව බොහෝ ආර්ථික විශේෂඥයන් කනස්සල්ල පළකරනවා. මෙම වානේ ගනුදෙනුව පිටුපස ඉහළ දේශපාලන සබඳතා ඇති ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සිටි බවද අනාවරණය වේ. මේ අතර හදිසි ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාවට තවත් ඉන්දියානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ද ලැබීමට නියමිතව ඇත