ලංකාව හොයන් ආපු පුංචි දැරියටකට උඩු ගුවනේදිම ලිංගික අපයෝජනයක් කරපු පුද්ගලයා අත්අඩංගුවට
පවුලේ අය සමඟ මෙරට සංචාරයක් සඳහා පැමිණෙමින් සිටි 16 හැවිරිදි චීන ජාතික බාල වයස්කාර දැරියකට ගුවන් යානයක් තුළදී ලිංගික අපයෝජනයක් සිදුකළ බවට සැකකෙරෙන චීන ජාතික මගියෙක් ඉකුත් පෙරේදා (18) දින රාත්‍රියේ සීදූව ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි චීන ජාතික සංචාරක නියෝජිතයෙක් බව සඳහන්.
සැකකරු අදාළ ගුවන් යානයේම ගමන් කර ඇති අතර, මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළදී මෙම බරපතළ අපයෝජනය සිදුව ඇති බව පොලිසිය පවසයි.
මේ අතර ගුවනේදී සිදුවූ මෙම අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් දැරිය මහනුවර ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගිය අවස්ථාවේදී සිය පවුලේ සාමාජිකයන්ට දැනුම් දී ඇත. අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනුවර සංචාරක පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම පොලිසිය අදාළ සියලු තොරතුරු කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත යොමු කර ඇත.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් මඟින් සිදුකළ වැඩිදුර විමර්ශනවලින් පසුව හෙළිවූ තොරතුරු මත මෙම සැකකාර චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම බරපතළ අපයෝජනයට ලක්වූ බවට සඳහන් වන 16 හැවිරිදි චීන ජාතික දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ බවද පොලිසිය ප්‍රකාශ කරයි. එමෙන්ම කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය සිද්ධිය අඳාළ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.