ගෝඨාභය දුන්න තීන්දුව නීතියට පටහැනියි

Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කාන්තාවක් රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කර ඇති බව වාර්තා වේ.

ඒ 2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදීය.

මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් මෙම පෙත්සම්කාරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වී තිබූ බව සඳහන් වේ. 

ජනපති රාජකාරියේ යොදවා තිබූ ජීප් රියක පුපුරණ ද්‍රව්‍ය තොගයක් දෙදෙනෙක් පොලිස් දැලේ

ජනපති රාජකාරියේ යොදවා තිබූ ජීප් රියක පුපුරණ ද්‍රව්‍ය තොගයක් දෙදෙනෙක් පොලිස් දැලේ


ශලනි තාරකා ලන්ඩන් වල කරපු ලස්සනම ශූට් එක මෙන්න

ශලනි තාරකා ලන්ඩන් වල කරපු ලස්සනම ශූට් එක මෙන්න