ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීමක් නිසා රාවල්පින්ඩි නගරයේ ආරක්ෂාව තර කරයි

Report

පකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරයට අධි ආරක්ෂාවක් යොදවා ඇත.

ටොෂකානා 2 දූෂණ නඩුවෙන් වරදකරු වීමෙන් පසු සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තම ආධාරකරුවන්ට වීදි බැසීමට ආරාධනා කිරීමෙන් පසු විරෝධතා බිය මධ්‍යයේ රාවල්පින්ඩි පරිපාලනය ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.

හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වන පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) හි සේවකයින්ගේ විරෝධතා අපේක්ෂාවෙන් නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ආරක්ෂක යෙදවීම අරමුණු කරගත් බව වාර්තාවලින් හෙළි වේ.

මෙම සිදුවීමත් සමඟ පකිස්ථාන බලධාරීන් පියවර ගෙන ඇත්තේ රාවල්පිණ්ඩි නගරය පුරා පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 1,300 කට අධික පිරිසක් යෙදවීමටයි.

මෙයට ප්‍රභූ බලකාය (Elite Force) සහ කැරලි මර්දන අංශයේ නිලධාරීන්ද ඇතුළත් වේ තවද බන්ධනාගාරගතව සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන්, තම ආධාරකරුවන්ට විරෝධතා සඳහා සූදානම් වන ලෙස ඔහුගේ නිල X (ට්විටර්) ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත්, බන්ධනාගාරයේ සිටින ඔහුට සමාජ මාධ්‍ය භාවිතා කිරීමට අවසර නොමැති බැවින් එම පණිවිඩය නිකුත් කළේ කවුරුන්ද යන්න වාර්තා වී නොමැත.

තවද ලන්ඩනයේ ජීවත් වන ඔහුගේ පුතුන් දෙදෙනාට (සුලෙයිමාන් සහ කාසිම්) පකිස්ථානයට පැමිණ තම පියා හමුවීමට රජයෙන් බාධාවක් නොමැති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ඒවගේම 'කළු පළාත් පාලන පනත 2025' ට එරෙහිව ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂය ද ඉරිදා දිනයේ පන්ජාබ් ප්‍රාන්තය පුරා විරෝධතා පවත්වන බව නිවේදනය කර තිබුණි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් චෝදනා කරන්නේ තමාට බන්ධනාගාරය තුළ පොත්පත්, රූපවාහිනිය සහ හමුවීම් සඳහා ඇති පහසුකම් සීමා කර ඇති බවයි.

මෙම ආරක්ෂක ක්‍රියාමාර්ග තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් වාර්තාවල සදහන් කර තිබේ. 

ට්‍රම්ප් පරිපාලනයෙන් ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් ගැන ගත්තු හදිසි තීරණය

ට්‍රම්ප් පරිපාලනයෙන් ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් ගැන ගත්තු හදිසි තීරණය

සිරිමාවෝ දියණියගේ සිද්ධිය ගැන ආදි ශිෂ්‍යා සංගමයත් කට අරියි

සිරිමාවෝ දියණියගේ සිද්ධිය ගැන ආදි ශිෂ්‍යා සංගමයත් කට අරියි