මාලිමා මන්ත්‍රී සම්බන්ධ පහරදීමේ සිද්ධිය - අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ට ඇප

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පොලිස් කොස්තාපල්වරයාට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නිය කර තිබේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයාට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අදම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධිය මන්ත්‍රීවරයා සහ පොලිසිය අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් බව වාර්තා වන අතර, පොලිසිය විසින් මෙයට අදාළ විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටියි. තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බැවින්, සිද්ධියේ සම්පූර්ණ විස්තර තවමත් හෙළි වී නොමැත.

මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාට වැඩ වරදී

මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාට වැඩ වරදී

මාලිමා මන්ත්‍රීට පහරදුන්නද? කොස්තාපල්ට වෛද්‍ය පරීක්ෂණයක්

මාලිමා මන්ත්‍රීට පහරදුන්නද? කොස්තාපල්ට වෛද්‍ය පරීක්ෂණයක්