ආපදා සහන අයවැය සංශෝධිත චක්‍රලේඛ නිකුත් කෙරේ
ආපදාවලින් බලපෑමට ලක්වූ පුරවැසියන් සවිබල ගැන්වීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා, මුදල් අමාත්‍යාංශය විසින් 2025 දෙසැම්බර් මස නිකුත් කර ඇති අයවැය චක්‍රලේඛ අංක 08/2025 (2025-12-05 දිනැති) සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම සංශෝධිත චක්‍රලේඛයේ ප්‍රධාන වෙනස්කම් වන්නේ මුල් චක්‍රලේඛයේ සඳහන් වගුවේ අනු අංක 3, 5, 6, 7, 9, 11, 12 සහ 14 යටතේ තිබූ නියමයන්හි පැහැදිලි කිරීම්, නව එකතු කිරීම් සහ සංශෝධනයන්යි.
මෙයින් අයදුම්කරුවන්ගේ සුදුසුකම්, ගෙවීම් ක්‍රමවේදයන්, ලේඛන අවශ්‍යතා සහ අනෙකුත් ක්‍රියාවලියන් වඩාත් පහසු සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වනු ඇත.


