වහාම, රජය දුන් අවසරයත් එක්ක.. සහල් ගැටලුව හරි ද?. උදේන්ම ලැබුණ සතුටු හිතෙන ආරංචිය මෙන්න..

Government Of Sri Lanka Sri Lanka Food Crisis Latest Headlines Decision Making Rice
By krishani Dec 12, 2024 03:21 AM GMT
krishani

krishani

Report

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.

වාර්තා වන්නේ ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බවයි.

පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නේ ය. 

දෙසැම්බර් මාසයට අදාළව.. ලක්ෂ ගාණකගේ බැංකු ගිණුම් වලට අද වැටෙන දීමනාව මෙන්න.. සතුටුයි නේද?.

දෙසැම්බර් මාසයට අදාළව.. ලක්ෂ ගාණකගේ බැංකු ගිණුම් වලට අද වැටෙන දීමනාව මෙන්න.. සතුටුයි නේද?.

ඒ රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් ය.

ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයය කිරීමට පියවර ගත් අතර ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බව වාර්තා වේ.

සම්බා සහ සුදු කැකුළු සහල් තොගයක් ඉන්දියාවේ සිට මෙලෙස ආනයනය කර ඇති බව සඳහන් ය.

හැමෝටම ප්‍රශ්නයක් වුණ, කථානායකගේ ආචාර්ය උපාධිය.. අශෝක කාර්මික නිළධාරියෙක්.. වැඩ වරදී ද?. හිර දඬුවම අවු.7යි?..(VIDEO)

හැමෝටම ප්‍රශ්නයක් වුණ, කථානායකගේ ආචාර්ය උපාධිය.. අශෝක කාර්මික නිළධාරියෙක්.. වැඩ වරදී ද?. හිර දඬුවම අවු.7යි?..(VIDEO)

එමෙන්ම, අද (12) සහ හෙට (13) යන දෙදින තුළද තවත් සහල් තොග දිවයිනට ළඟාවීමට නියමිත බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

මේ අතර ආනයනික සහල් ද වෙළෙඳපොළට පැමිණීමත් සමග රට තුළ පවතින සහල් හිඟයට විසඳුම් ලැබෙනු ඇති බව සතොස ආයතනයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ ය.

You May Like This Video 👇 

.

ReeCha