සජබෙට සභාපතිකම දෙන්න මාලිමාවෙනුත් ඡන්ද
මන්නාරම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීම ඊයේ (24) දින සිදු විය.
එම අවස්ථාවේදී සමඟි ජන බලවේගයෙන් සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට ජාතික ජන බලවේගය (මාලිමාව) මන්ත්‍රීවරුන්ගේද සහාය ලබා දී තිබීම විශේෂත්වයක් විය.
කෙසේ වෙතත් සභාවේ බලය පිහිටු වීමට ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයට ඡන්ද 13 ක් ලැබී තිබෙනවා.
එසේම ඉලංගෙයි තමිල් අරසු කච්චියට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 9ක් වශයෙන් වාර්තා වෙයි.
ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මන්නාරම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරමින් ඒ අනුව එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට හැකි වී ඇත.
ඒ අනුව මන්නාරම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරයේ දී පැවැත් වූ ඡන්ද විමසීමේදී එහි සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අබ්දුල් ජබිර් මොහොමඩ් මහතා එම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
