වාහන ආනයනය ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
වසර 2ක් සඳහා මෝටර් රථ ආනයනය නොකිරීමට ගත් තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක කළයුතු බවට අපේක්ෂාවෙන් පසුවෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පෙන්වා දෙන්නේ දේශීයව මෝටර් රථ නිෂ්පාදනය සඳහා සමාගම් කිහිපයක් නැවත දිරිමත් කිරීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බවය. "අපි තීරණයක් ගත්තා වසර 2ක කාලයක් සඳහා වාහන ආනයනය නොකරන්න. එය ඉදිරියටත් එසේම විය යුතුයි කියලයි අපි කල්පනා කරන්නේ.
වාහන මේ රටේ එකලස් කරපුවාම මේවා පිළිබඳ දැනුමක් ජනතාවට ලැබෙනවා. දැන් වෙනකොට සියයට සීයක් පිටරටින් ගෙන්නලා මෙහෙ එකලස් කරනවා නෙවෙයි. සමහර කොටස් දේශීයව නිපදවන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද දේශීයව නිෂ්පාදනය කරන කොටස් වැඩි කරන්න ඕනේ කියලා අපි උපදෙස් දීලා තියෙනවා. මේ වනකොට බස් රථත් දේශීයව එකලස් කිරීම පළමු වරට ආරම්භ කරලා තියෙනවා. පළවෙනි බස් රථ 3 කොතලාවල විශ්වවිද්‍යාල සඳහා.
ඒ අනුව ඉදිරියේදී පිටරටින් ගෙන්වන බස් වෙනුවට ලංකාවේ එකතු කරපු කොටස් සමග දේශීයව එකලස් කරපු බස් රථ මාර්ගවල ධාවනය කරන්න පුළුවන් වෙයි. මාසෙකට වාහන 600ක් නිෂ්පාදනය කළ මෙවැනි ආයතනය පසුගිය කාලයේ හිතාමතා බිඳ දැමීමට කටයුතු කරලා තිබුණා.
ඒ නිසා අද ඔවුන්ට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වාහන 20ක් වගේ ප්‍රමාණයක්. ජනාධිපතිතුමා වාහන නිෂ්පාදනය කිරීම පිළිබඳ අමාත්‍යාංශයක් හදලා ඒ පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා හැටියට මාව පත්කරලා තියෙනවා."