රටින් ගේන බඩු වර්ග 623කට සීමා?? සම්පූර්ණ විස්තරය මෙන්න.

Sri Lanka Business Import
By Aruna Sep 16, 2021 05:45 AM GMT
Aruna

Aruna

Report

ලේකම්තුමා අලුත් සීමා ගැන කියන අලුත්ම කතාව මෙන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට කිසිදු සීමා පනවා නැතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ඉකුත්දා සිදුකළ කොන්දේසි පැනවීම ඇතැම් පුද්ගලයින් වැරදි ලෙස වටහා ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතා ද මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.

විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් මෙරටට රැගෙන එන භාණ්ඩ වර්ග සදහා පෙර පැවති සීමාවන් හැර වෙනත් කිසිදු සීමාවක් පනවා නොමැති බවයි ඔහු සඳහන් කර තිබුණේ.

මේ අතර  තවාන්කරුවන් වෙතින් පැල මිලදී ගෙන ඒවා ගෙවතු වගාවල රෝපණය සඳහා නොමිලේ බෙදාහැරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 10 ක වියදමින් තවාන්කරුවන් වෙතින් පැල මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ.

පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් පැල අලෙවි කරගැනීමට නොහැකි තවාන්කරුවන් සඳහා සහන සැපයුම මෙහි අරමුණ වී තිබෙනවා.

ඊට අමතරව තවාන්කරුවන් 300 ක් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබාදීම සඳහාද රුපියල් මිලියන 50 ක් වැය කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම දිවයින පුරා පැල තවාන් 650 ක් අලුතින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර, තවාන්කරුවෙකුට ලක්ෂ 3 ක ආධාර මුදලක්ද ලබාදෙනු ඇති.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now