වාහන ආනයනය වැඩිවුනොත් බදු ගහනවා..- මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්. (වැඩි විස්තර පහතින්)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලටත් වැඩියෙන් විදේශ සංචිත ගොඩ නැගීමට මහ බැංකුව සමත් වී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පුවත්පත් කතුවරුන් අමතමින් පවසා තිබෙනවා.
ඔහු පවසන පරිදි මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා විදේශ සංචිත වර්ධනය කරගෙන ඇති අතර වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර ඇත.
වාහන ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේදී වාහන ආනයනය කිරීම අවශ්‍ය දෙයක් බව ද වාහන ආනයනය කිරීම වැඩියෙන් සිදුවෙනවා නම් බදු පැනවීම වැනි ක්‍රියාමාර්ග මගින් රජයට එය පාලනය කිරීමේ හැකියාව තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය ඊයේ මහ බැංකු මූලස්ථානයේදී පුවත්පත් කතුවරුන් හමු වූ අතර රටේ මූල්‍ය හා ආර්ථික සාක්ෂරතාව සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන් සමග මහ බැංකු අධිපතිවරයා මෙහිදී සාකච්ඡා කළා.
You May Like This Video