වාහන ආනයනය ගැන කඩිනම් තීරණයක්.

Sri Lanka Electric Vehicle Department of Motor Vehicles
By krishani Jun 13, 2023 09:33 AM GMT
krishani

krishani

Report

ආණ්ඩුව විසින් වාහන ආනයන සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නා බව ජාතික ආර්ථිකය හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ ය.

ඒ එම කාරක සභාව පසුගියදා රැස්වූ මොහොතේ ඒ බව ඔහු කියා සිටියේ ය.

වාහන ආනයනය අත්හිටුවීම ඇතුළු භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වසරේ අයවැයෙන් අපේක්ෂා කරන ආදායම ලඟාකර ගැනීමට රේගුවට නොහැකි වී ඇති බව එම අවස්ථාවට සහභාගී වූ රේගු නිලධාරින් සඳහන් කළේ ය.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, මේ මස සිට වාහන ආයනයනයට අවසර ලබා දෙනවා නම් ඉදිරි මාස 06 ඇතුළත රුපියල් බිලියන 150ක් බදු ලෙස ලබාගත හැකි බවයි.

කෙසේවෙතත්, ණය ආධාර ක්‍රමයක් යටතේ වෙනත් රටක් සමඟ සම්බන්ධ වී වාහන ආනයනය කළහොත් විදේශ විනිමය ඉතිරි කරගනිමින් රේගු ආදායම වර්ධනය කරගත හැකි බවත් ඔවුන් පැවසීය.