සජබ IMF ගිවිසුමට ඡන්දය දීමෙන් වැළකී සිටීමට හේතු කියයි

By Sithumi Apr 28, 2023 04:41 PM GMT
Sithumi

Sithumi

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම පිළිබඳ යෝජනාව සහය ලබා නොදීම හේතු දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

 අදාළ ගිවිසුම පාරදෘශ්‍යභාවයෙන් තොරවීම මෙන්ම රාජ්‍ය මූල්‍ය අංශය ශක්තිමත් කිරීමේ කාර්යයේදී වියදම් කපා හැරීම පිළිබඳ සඳහන් කර නොමැති බවයි එමගින් ඔහු පෙන්වා දෙන්නේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ වැඩකරන පන්තියේ ජනතාව මත අසාධාරණ ලෙස බදු බර පැටවීම, සමාජ ආරක්ෂණ ජාලා මගින් සහන ලබා දිය යුතු පිරිස් හදුනා ගැනීමට කෙරෙහි නිසි වැඩපිළිවෙලක් සිදු කර නොමැති බවයි.

මීට අමතරව මූල්‍ය සේවා අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ක්‍රමවේදයක් එමගින් පෙන්වා දී නොමැති බව සඳහන්. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසුවේ එමෙන්ම දුෂණය වැළැක්වීම සම්බන්ධයෙන් වන ගැටලුවලට විසදුම් ලබා දීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බවට සහතිකයන් නොමැති බවයි.  

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම දුර්වලතා සැළකිල්ලට ගනිමින් සමගි ජනබලවේගය ඒ සදහා සහය නොදීමට තීරණය කළ බවයි.