IMF ලබා දුන් ණය මුදලෙන් තවත් ණයක් ගෙවා දමයි..
Ranjith Siyambalapitiya
Sri Lanka
Government Of India
IMF Sri Lanka
India
By krishani
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකයෙන් ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (24) පැවසීය.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය ඊයේ ගෙවීමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මහබැංකුවේ ගිණුම වෙත බැර වේ.
මෙවර අදාළ ණය මුදල භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇති බැවින් එය ණය ස්ථායිකරණයට යොදා ගත හැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
