ගෝලීය කම්පනයන් ශ්‍රී ලංකාවට එල්ල කරන බලපෑම පිළිබඳ IMF අදහස් පළ කරයි

By Shehan Apr 11, 2025 07:09 AM GMT
Report

ගෝලීය කම්පනයන් ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම තක්සේරු කිරීමට තවමත් කාලය අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් IMF නිලධාරී කණ්ඩායම, ශ්‍රී ලංකාවේ සංචාරය අවසන් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා මෙම කණ්ඩායම පසුගිය 3 වැනිදා සිට මෙරට සංචාරයක නිරත විය.

ඒ අනුව, සිය මෙහෙයුම අවසන් කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දී කණ්ඩායම පවසා ඇත්තේ, මෑත බාහිර කම්පනයන් සහ ගෝලීය අවිනිශ්චිතතාවන්ගේ ඉහළ යාම හමුවේ, තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී ඇති බවයි.

චාමර වෙනුවෙන් රනිල් අල්ලස් කොමිසමට

චාමර වෙනුවෙන් රනිල් අල්ලස් කොමිසමට

එසේම, ගෝලීය කම්පනයන්ගේ බලපෑම ඇගයීමට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එයින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව තක්සේරු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව IMF වැඩිදුරටත් පවසා ඇත.

ඉල්ලුවේ 20,000ක්.. ගුරු වැටුප වැඩිවී ඇත්තේ 8000කින්.. - කලබල වුනු ස්ටාලින්

ඉල්ලුවේ 20,000ක්.. ගුරු වැටුප වැඩිවී ඇත්තේ 8000කින්.. - කලබල වුනු ස්ටාලින්