ලංකාවට IMF වෙතින් ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය ආධාරයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ඊයේ(19) දින රැස්වීමකදී ශ්‍රී ලංකාවේ කඩිනම් මූල්‍ය පහසුකම් ඉල්ලීමට එකඟතාවය පළ කරමින්, අමෙරිකානු ඩොලර් මිලියන 206ක (SDR මිලියන 150.5ක්) මූල්‍ය ආධාරයක් අනුමත කර තිබේ.
මෙම ආධාරය කඩිනම් මූල්‍ය පහසුකම් යටතේ (Rapid Financing Instrument - RFI) ලබාදෙන අතර, නොවැම්බර් 28 වැනිදා රටට බලපෑ විනාශකාරී දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ බරපතල ගෙවීම් ශේෂයේ සහ මූල්‍ය පීඩනයට මුහුණදීමට උපකාරී වනු ඇත.
ශ්‍රී ලංකා රජය මුලින් ඉල්ලා සිටියේ ඩොලර් මිලියන 200ක පමණ මූල්‍ය ආධාරයක් වුවද, IMF විධායක මණ්ඩලයේ අනුමැතියෙන් එය ඩොලර් මිලියන 206 දක්වා ඉහළ දමා තිබේ.
මෙම මූල්‍ය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට (EFF) අමතරව ලබාදෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.