IMF සහ රජය.. අද ඇතිවූ සංවාදය...

Sri Lanka Economic Crisis IMF Sri Lanka Financial crisis
By Sithumi Aug 26, 2022 04:41 PM GMT
Sithumi

Sithumi

Report

විදුලිබිල සංශෝධනය, සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරය ආශ්‍රයෙන් අතිරේක තොරතුරු ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කරන ලද ඉල්ලීමට අනුව එම තොරතුරු ලබන සඳුදා වන විට ලබාදීමට රජය එකඟත්වය පළකර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පස්වරුවේ පැවති අතර එහිදීයි මෙම කරුණු අනාවරණය වී ඇත්තේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom ඔස්සේ සාකච්ඡාවට එක් වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ ධනාත්මකව අදහස් හුවමාරු කර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරු ද අද සාකච්ඡාවට එක්ව සිටී අතර මෙහි තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා (31) පැවැත්වීමට නියමිතයි. 

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බ්‍රිවර් (Peter Breuer) නියෝජ්‍ය ප්‍රධානි ඔසයිරෝ කොසයිකෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස් යන මහත්වරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහ භාණ්ඩාගාර ලේකම් ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.