නීති විරෝධී කෝටි 3ක දේපළ බලධාරීන් අල්ලයි
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා මංකොල්ලකෑම් සිදුකර උපයාගත් රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් දේපළක් ක්‍රියා විරහිත කර තිබේ.
වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් මෙම දේපළ, මත්ද්‍රව්‍ය ජාවාරම් හා මංකොල්ලකෑම් ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් ලබාගත් මුදල් භාවිතා කර මිලදී ගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් හෙළි වී තිබේ.
ඒ අනුව, එම පුද්ගලයා විසින් කාන්තාවක නමින් මිලදී ගෙන ඇති වලස්මුල්ල, කඩිගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් සහිත පර්චස් 14.1ක ඉඩමක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දින 7ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගය ඊයේ (19) නිකුත් කර ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මෙම දේපළ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.