නීති විරෝධිව ගෙන ආ පලිබෝධ නාශක-බීජ තොගයක් මාට්ටු
මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද පලිබෝධ නාශක, බීජ සහ බීඩි කොළ තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂතාවය බලකාය පවසයි.
ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත පුත්තලම කන්ද කුලිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් කන්ද කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පලිබෝධනාශක, බීජ සහ බීඩි කොළ තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට බාර දී ඇත.