නීති විරෝධී ලෙස යතුරුපැදි තරගයකට සූදානම් වූ තරුණයින් පිරිසක්

arrested mavanella aranayake dhabathgama motorbike race
By Sewvandhi May 01, 2021 04:19 AM GMT
Report

නීති විරෝධී යතුරුපැදි තරඟ සදහා තරුණයින් පිරිසක් අරණායකට පැමිණ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණයින් පිරිසක් වන අතර මුහුණු පොත මඟින් සම්බන්ධ වී තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස පැමිණ සිටි තරුණයින් සිව්දෙනෙකු යතුරුපැදි හතරක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස යතුරුපැදිවල නැගී පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දෙබත්ගම, මාවනැල්ල මාර්ගයේ යතුරුපැදි තරඟ සඳහා සූදානම් වෙමින් සිටියදී මොවුන් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරුණයින් දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now