නීති විරෝධී ලෙස පුද්ගලයන් රට රැකියාවට යවන අයට ඉදිරියේදී සිදු වෙන දේ මෙන්න. අරාබියෙනුත් රතු එළියක්.

Manusha Nanayakkara Sri Lanka United Arab Emirates
By Wayomi Jan 21, 2023 12:18 PM GMT
Wayomi

Wayomi

Report

නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, රැකියා සඳහා සංචාරක වීසා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතාට කරුණු පැහැදිලි කරමින්.

සංචාරක වීසා හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බවත්, සංචාරක වීසා මගින් එලෙස රැකියා සඳහා පැමිණීම වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම පිණිස ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳවත් ඔහු එහිදී අවධාරණය කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වර්ධනය වන රැකියා වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් දෙන ලෙසටත්, පුහුණු සහ වෘත්තීය ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා ලබාදීම සඳහා ලංකාවේ පුහුණු සුදුසුකම්වලට පිළිගැනීමක් ලබාදෙන ලෙසටත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කළ ඉල්ලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ද හිමි වී තිබෙනවා.

ඒ, අනුව පුහුණු හා වෘත්තීමය සුදුසුකම් ඇති ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට ලංකාවේ පුහුණු සුදුසුකම්වලට අවශ්‍ය පිළිගැනීමක් සුදුසුකම් සමාන කිරීමේ වැඩපිළිවෙලක් (Qualification Equalization) හරහා ලබාදීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට තාක්ෂණික කමිටු මට්ටමින් සාකච්ඡා පවත්වා, අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW