වත්කම් හැංගුවොත් දේපළ රාජසන්තකයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දියයුතු පුද්ගලයන් සිය ප්‍රකාශයට ඇතුළත් නොකරන සියලුම දේපොළ රාජසන්තක කිරීමටයි.
මෙම තීරණය ගෙන ඇත්තේ නව දූෂණ විරෝධී පනත අනුවය.
ඒ අනුව මේ මස 30 වැනිදාට පෙර වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළයුතු වන අතර එලෙස නොකරන පුද්ගලයන්ට පළමු සති දෙක ඇතුළත අවවාදාත්මක ලිපියක් නිකුත් කෙරෙන අතර ඉන් පසු මාස දෙකක කාලයක් ඇතුළත අදාළ පුද්ගලයාගෙන් පරිපාලනමය දඩයක් අය කෙරේ.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පැවසුවේ ඉන් අනතුරුව එම පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරෙන අතර එහිදී රුපියල් ලක්ෂයක දඩයක් සහ සිර දඬුවමක් ලබා දීමට මෙම පනත යටතේ අධිකරණයට හැකියාව පවතින බවයි.
මෙලෙස වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළයුතු යම් දේශපාලනඥයකු හෝ රජයේ නිලධාරියකු සිය දේපළක් පිළිබඳ හෙළි නොකර සිටින අවස්ථාවන්හි දී එම දේපොළ පිළිබඳව අනාවරණය වුවහොත් එය රාජසන්තක කිරීමට දූෂණ විරෝධී පනත අනුව හැකියාව තිබෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.
ඒ මහතා සඳහන් කළේ 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත අනුව ජනාධිපතිවරයා, ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, විනිසුරුවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල විශාල පිරිසක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දීමට අදාළව සිටින බවය.
