"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

Government Of Sri Lanka
By Wayomi Nov 25, 2024 05:05 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරියේදී අමාත්‍යාංශයෙන් ලබා දෙන වාහනයක් භාවිතා කිරීමට සිදුවනු ඇති බවත්, පවුලේ වාහනය තමන්ට රාජකාරී වෙනුවෙන් භාවිතා කිරීමට නොහැකි වනු ඇති බවත්, කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.

තම ස්වාමිපුරුෂයා වෛද්‍යවරයෙක් බවත් ඔහුට වාහනයක් ඇති බවත්, තමන්ටද වාහනයක් ඇති බවත් මැතිවරණ කාලසීමාවේ තමන් භාවිතා කළේ මිතුරන් ලබා දුන්න වාහනයක් බවත ඇය සඳහන් කළා.

ඒ, රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ තමන්ට පැවරි ඇති වගකීමට ගැලපෙන රටේ ආර්ථිකයට ගැලපෙන වාහනයක් භාවිතා කරන බවයි.

එමෙන්ම දැනට තමන් මාතර හා කොළඹ දිනපතා යන එන තත්ත්වයක් ඇති බවත් පවසන ඇය එනිසා සුදුසු ස්ථානයක් අවශ්‍ය බවත්, එවැනි ස්ථාවරයක තමන් සිටින බවත් ඇය එහිදී පෙන්වා දී තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේත් ආසනයේත් තමන් සිටිය යුතු බවත් අමාත්‍යාංශය මෙන්ම පාර්ලිමේන්තුවේද කටයුතු සොයා බැලිය යුතු බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.   

කතානායක හිස් වැසුමේ කොන් එකතු කළේ ඇයි? - ඇත්තම හේතුව මෙන්න.

කතානායක හිස් වැසුමේ කොන් එකතු කළේ ඇයි? - ඇත්තම හේතුව මෙන්න.

දොස්තර මන්ත්‍රීගේ නොහබිනා හැසිරීම ගැන කථානායක තීරණය.

දොස්තර මන්ත්‍රීගේ නොහබිනා හැසිරීම ගැන කථානායක තීරණය.


You may like this video 


ReeCha