සැමියයි බිරිදයි එක්ව ගහපු ගේම... රන් මාල 50කට වැඩිය කොල්ලකා මත්කුඩු පානය කළ අඹුසැමි යුවල මාට්ටු වෙයි...
සොරා ගත් යතුරු පැදිවලින් ගොස් පොලිස් වසම් 12ක රුපියල් කෝටියක් පමණ වටිනා රන්මාල 50 කට ආසන්න ප්‍රමාණයක් කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයකු සහ ඒවා උගස් තැබූ බව කියන ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.
එම සැකකරු සමඟ සොරා ගත් යතුරු පැදි තුනක් තී රෝද රථයක් ,පවුම් 8 ක උණු කරන ලද රත්තරන් මෙන්ම හොරයින් මත්කුඩු මිලිගෑම් 5500 ක් සැකකාරිය සන්තකයේ තිබී , රන් ආභරණ උකස් තබන ලද රිසිට් පත් 40 කට අධික ප්‍රමාණයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල මඩපාත සමුපාකාරයේ කළමනාකරු සේවා අවශ්‍යතාවයක් සඳහා පිලියන්දල සමුපකාර ප්‍රධාන කාර්යාලය වෙත ත්‍රිරෝද රථයෙන් ඉකුත් මස 28 වෙනි දින පැමිණි අවස්ථාවේදී එම තිරෝද රථය සොරාගෙන යාම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය පවසනවා.
මීට දින දෙකකට ඉහතදී පාදයක ප්ලාස්ටරයක් දමා ගත් පුද්ගලයෙකු කළමනාකරුට අයත් ත්‍රීරෝද රථයෙන් පැමිණ පිලියන්දල සුවාරපොල ප්‍රදේශයේ බෝධිය අසල සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී හොරයින් මත්කුඩු මිලිගෑම් 5500 ක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ .
සැකකරු පොලිසියට රැගෙන විත් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මෙම වසරේ අප්‍රේල් මුල් සතියේ සිට මේ දක්වා කහතුඩුව, එගොඩ උයන හා ගල්කිස්ස ආදී ප්‍රදේශ වලින් යතුරුපැදි සොරාගෙන සිදුකළ කොල්ල කෑම් පනහකට ආසන්න ප්‍රමාණයක තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.
සැකකරු විසින් බොරලස්ගමුව මහරගම පිළියන්දල කොට්ටාව මිරිහාන කිරුළපන පානදුර දෙහිවල ගල්කිස්ස මොරටුව හා මොරටුමුල්ල කාකි පොලිස් වසම් වල සොරා ගත් යතුරු පැදිවලින් සැරිසරා මෙන්න කොල්ලකෑම් සියල්ල සිදුකර තිබූ බව සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවසුවා.
සැකකරු යතුරු පැදියක් සොරා ගැනීමෙන් අනතුරුව එයින් කොල්ල කෑම් කිහිපයක් සිදුකර එය අත්හැර දමා තවත් යතුරු පැදියක් සොරා ගැනීම පුරුද්දක් කර ගෙන තිබූ බවත් ගල්කිස්ස ප්‍රදේශයෙන් යතුරු පැදියක් සොරාගෙන කිරුළපන ප්‍රදේශයෙන් රන් මාලයක් කොල්ලකා පලායමින් සිටියදී යතුරුපැදියේ මෝටර් රථයක් ගැටීමට සැලසීමේ හේතුවෙන් සැකකරු අනතුරට ලක්වී ඇති අතර ඒ හේතුවෙන් සැකකරුගේ පාදයකට බරපතළ තුවාල සිදුවී තිබූ බවත් පොලිසිය පවසනවා.
