වාහන අංක තහඩු ලැබෙන දිනය මෙන්න - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Report

ඉදිරි මාස හය ඇතුළත වාහන අංක තහඩු ගැටලුව අවසන් වන බවත්, ඉන් පසු ලියාපදිංචි කරන සෑම වාහනයකටම දින හතක් ඇතුළත අංක තහඩු ලබාදෙන බවත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු පවසයි.

කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ මගී ප්‍රවාහනය කරන සියලුම වාහන කිලෝමීටර පන්දහසකට වරක් හෝ මාස තුනක් ඇතුළත යෝග්‍යතා පරීක්ෂණයක් කළ යුතු බවයි.

රියදුරන්ට PT License අනිවාර්ය කෙරේ - මොඩියුල 10ක් දින 10න් පුහුණුවට - අමාත්‍ය නිවේදනය මෙන්න

රියදුරන්ට PT License අනිවාර්ය කෙරේ - මොඩියුල 10ක් දින 10න් පුහුණුවට - අමාත්‍ය නිවේදනය මෙන්න

ඔහු මේ බව පවසා සිටියේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එසේම ධාවනයට නුසුදුසු වාහන යෝග්‍යතා පරීක්‍ෂණවලදී සොයාගෙන ඇති බවත්, අවශ්‍ය කරන නීති අමාත්‍යාංශය නිකුත් කළ වහාම ඉක්මනින් ක්‍රියාවට නංවන බවත් ඔහු නිවේදනය කර ඇත.

මීට පෙර මෙම ආයතනයේ දූෂිත නිලධාරීන් සිටි නමුත්, තම පාලන සමයේ එය සුපිරිසිදු ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද ආයතනයෙන් පිට සිටින තැරව්කරුවන් ජනතාවට කරදරයක් නොවන සේ ඉවත් කිරීමට පොලිසි නිලධාරීන් යොදා ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - මාස 3කට සැරයක් මේ පරීක්ෂණය අනිවාර්යයි - සැප්තැම්බර් 19 පසු නීතිය දැඬි වෙයි

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - මාස 3කට සැරයක් මේ පරීක්ෂණය අනිවාර්යයි - සැප්තැම්බර් 19 පසු නීතිය දැඬි වෙයි

නව ක්‍රියාවලිය යටතේ යමින් දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සේවා ලබාගැනීමට හැකිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අද ඉල්ලන අයට සති දෙකෙන් අංක තහඩු - රියදුරු බලපත්‍ර ගැනත් අවදානය - කහ කොළ අංක තහඩුවෙන් කෝකද හරි - ඇමති බිමල්ගෙන් පිළිතුරු

අද ඉල්ලන අයට සති දෙකෙන් අංක තහඩු - රියදුරු බලපත්‍ර ගැනත් අවදානය - කහ කොළ අංක තහඩුවෙන් කෝකද හරි - ඇමති බිමල්ගෙන් පිළිතුරු