රක්ෂිතයකින් හමුවූ මිනිස් අස්ථි කොටස්.
Police spokesman
Sri Lanka
Death
By Hashini
මාදම්පේ පනිරෙන්ඩාව වන රක්ෂිතය තුළ තිබී පුද්ගල මෘත ශරීරයක අස්ථි කොටස් හමුවී තිබෙනවා.
එම අස්ථි කොටස් ඊයේ (26) දහවල් කාලයේදී සොයාගෙන තිබෙනවා.
පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රධාන මාර්ගයේ මීටර් 150ක් පමණ රක්ෂිතය තුළට වන්නට තිබී මෙම අස්ථි කොටස් සොයාගෙන ඇත.
පොලීසිය සැක පළ කරන්නේ මීට මාස කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ අස්ථි කොටස් මෙලෙස හමු වී ඇති බවයි.
අස්ථි කොටස් හිමි පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර හලාවත අපරාධ පරීක්ෂණ නිලධාරීන් කැඳවා ස්ථානිය පරීක්ෂාවක් ද සිදුකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
