අමෙරිකාවේ මහ විශාල ගින්නක් - ගිනිදැල් සැතපුම් ගණනක් ඉහළට

Report

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අමෙරිකා වේලාවෙන් ඊයේ (2) දින රාත්‍රියේ දීයි. මේ අතර තෙල් පිරිපහදුවේ ගිනිදැල් සැතපුම් ගණනක් දුර ඉහළ අහසේ දර්ශනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

එසේම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මෙම පිපිරීම සම්බන්ධයෙන් වාර්තා වීමත් සමග ගිනිනිවන භටයින් පිරිපහදුවට වහාම පැමිණ ගිනිනිවීම් කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

කෙසේ වුවද මහජන ආරක්ෂාවට ක්ෂණික තර්ජනයක් නැති වුවද ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙස දැනුම්දී ඇති බව වාර්තා වුණා.

එමෙන්ම මෙම පිරිපහදුව දළ ලෙස වර්ග කිලෝමීටර් 3.9ක ප්‍රදේශයක් ආවරණය කරන අතර, එහි කිලෝමීටර් 1,770කට වඩා දිග නළ මාර්ග පද්ධතියක් ඇති බව වාර්තා වේ.

තවද 1911 සිට ක්‍රියාත්මක මෙම පිරිපහදුවෙන් දිනකට බොරතෙල් බැරල් 290,000ක් පිරිපහදු කිරීමේ හැකියාවක් තිබෙනවා.

අද මේ ලග්න වලට අතමිට සරු වෙන, සමාජයේ සැළකිලි වැඩිවන සුපිරි ග්‍රහයෝගයක් හිමි දවසක්

අද මේ ලග්න වලට අතමිට සරු වෙන, සමාජයේ සැළකිලි වැඩිවන සුපිරි ග්‍රහයෝගයක් හිමි දවසක්

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට