ගෑස් සැපයුම නතර කළාද? කටාර් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි
කටාර් රාජ්‍යය, ගෑස් සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපද සමඟ “විරසකයක්” ඇති කිරීමට උත්සාහ කරන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කර ඇති බව Al Jazeera පුවත් සේවය වාර්තා කරයි.
ඊශ්‍රායල මාධ්‍ය කිහිපයක් ප්‍රකාශ කර තිබුණේ, ඇමරිකා එක්සත් ජනපදයේ බලශක්ති මිල ගණන්වලට බලපෑම් කිරීමේ අරමුණින් කටාර් විසින් තම ද්‍රවීකෘත ස්වභාවික ගෑස් නිෂ්පාදනය නතර කර ඇති බවයි.
එහෙත් එවැනි චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කටාර් පාර්ශ්වය පවසයි. එමෙන්ම, මෙවැනි වාර්තා කටාර් සහ අමෙරිකා එක්සත් ජනපද අතර “විරසකයක්” ඇති කිරීමට කරන උත්සාහයක් ලෙසද කටාර් නිලධාරීන් විස්තර කර තිබේ.
යුද උණුසුම මැද හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් - මේ වෙලාවේ ඉන්දීය සාගර කලාපයට අවධානය දිය යුතුයි
Al Jazeera වෙත නිකුත් කළ ප්‍රකාශයකදී ජ්‍යෙෂ්ඨ කටාර් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, දේශපාලන හෝ ආර්ථික වාසිවලට වඩා ජනතාවගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම කටාර් රජයේ මූලික ප්‍රතිපත්තියක් බවයි.