ලේසියෙන්ම කෝටිපතියෙක් වෙන හැටි... ඔබට අවශ්‍ය දේ ළගටම ගෙන්න ගන්නෙ මෙහෙමයි.

Sri Lanka Article Gossips how-to-easily-become-a-millionaire
By Aruna Sep 26, 2021 08:13 AM GMT
Aruna

Aruna

Report

බැඳීම් කියන්නේ ලොව සෑම දෙයකටම පොදු දෙයක්. මෙම බැඳීම් ශක්තිමත් වෙන්න ආකර්ෂණ බලයක් තියෙන්නම ඕන.

ආකාර්ෂණයේ නීතිය” කියන්නෙත් භෞතික විද්‍යාවට හසුනොවන සංසිද්ධියක්.

ඒ කියන්නේ අපේ සිතුවිලිත් එකිනෙක ආකාර්ෂණය වෙමින් පවතිනවා.

මේ නීතියට අනුව ධනාත්මක බාහිර සිතුවිලි ආකර්ෂණය වෙනවා.

ඒ විදිහටම ඍනාත්මක සිතුවිලි වෙත ආකර්ෂණය වන්නේද ඍණාත්මක අත්දැකීම්.ඉතින් ආකාර්ෂණයේ නීතිය අපේ ජීවිතයට ලං කරගත්තොත් ගොඩක් දේවල් ලබා ගන්නත් පුළුවන්.

මුලින්ම ඔයාගේ මනස සැහැල්ලු කරන්න.ඔයාට අවශ්‍ය දේ ඔයාගේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍යයි.

ඒ නිසා භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමු වන්න.

ඔයාගේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න.

ඔයාට අවශ්‍ය දේ කුමක්ද යන්න හරියටම තේරුම් ගන්න.

ඒ ගැන ඔයාට සැක තියෙන්න බැහැ.ඔයාගේ මනසේ සිතුවිලි වලින් විශ්වයට පණිවිඩයක් යවන බව තේරුම් ගන්න.

විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි.

ඔයාට අවශ්‍ය දේ පිළිබඳ ඔයාටත් විශ්වාසයක් නැතිනම් ඒ වගේ දුර්වල තරංග වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

ආකාර්ෂණය වීමේ නීතිය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබන්න.

ඔයාට අවශ්‍ය යැයි ඔයා ධාරණය කරගත් දෑ විශ්වය ඔයා වෙත ලබා දෙන බවට විශ්වාස කරන්න.

ඔයාට අවශ්‍ය දෙය ඔයාට ලැබී ඇති ආකාරය නිතර මනසින් දකින්න.

ඔබට අවශ්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙකු වීමට නම් එම තැනට ලඟා වී ඇති ආකාරය සිතේ මවා ගන්න.

විශාල කාර්යාලයක ඔයා යටතේ ඇති විශාල සේවක පිරිසක් පාලනය කරන අයුරු හිතේ මවා ගන්න.එම සතුට විඳින්න.

ඔයාගේ ජීවිතයේ ලැබී තිබෙන දේවල් කොළයක ලියන්න.ඒ ගැන අවංකවම සතුටු වෙන්න.

තමාට ලබා ගැනීමට අවශ්‍ය දේ සහ ඒ සඳහා යොමුවන ආකාරයද නිතර නිතර කොළයක ලියන්න.

ඒ වගේම ඔයා විශ්වාස කරන දේ විශ්වය විසින් ඔයාට ලබා දෙන බවට ඇති විශ්වාසය වෙනුවෙන් ස්තුති කරන්න.

ඔයාට ලඟාවන හොඳ හෝ නරක සියළු අත්දැකීම් වලට හේතුව ඔයාගේ සිතුවිලියි.

නිතරම ලෙඩ රෝග ගැන කතා කරන අයට නිතරම ලෙඩ රෝග හැදෙනවා.

නිතරම සතුට සහ සෞභාගග්‍ය පිළිබඳ කතා කරන අයට නිතරම සතුටුදායක සැපවත් දේවල් සිදුවනවා.

ඔයාගේ මනසින් සිතන සෑම දෙයකටම ඔයා මනසින් ආරාධනා කරනවා.

ඔයාට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා.ඔයාගේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න.

එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔයා කරා පැමිණෙනවා.

වර්තමානයේ ඔයාගේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න.

ඔයා ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න.

ආකාර්ෂණයේ නීතියේ බලය වැඩි කර ගැනීම සඳහා දිනකට විනාඩි 15 ක පමණ ඒ සඳහාම වෙන් කරන්න.

එම කාලය තුළ ඔයාගේ අරමුණු සිහින ගැන පමණක්ම සිතමින් විශ්වයට ඒවා ලබා දෙන ලෙස ප්‍රර්ථනා කරන්න.

කනගාටුවීමට සිදුවන අවස්ථා සියල්ල මග හරින්න. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට දා ගන්න එපා.

හිත කලකිරෙන ගීත, නාට්‍ය, චිත්‍රපටි බලන්න එපා.

ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න.ඔයා කනගාටුදායික සිතුවිලි මවන තරමට තව තවත් ඒවා ඔයාට ආකර්ෂණය වන බව මතක තබා ගන්න.

සාර්ථක වීමට උවමනාව ඇති අය පමණක් ආශ්‍රය කරන්න. ඔයාගේ සාර්ථකත්වයේ සිහින ඔයාගේ මාර්ග උපදේශකයා ඔයාම කර ගන්න

. ඕනෑම සිහිනයක් සාර්ථක කර ගත හැක්කේ කැපවීමෙන් බව පමණක් මෙනෙහි කරන්න.

නරක පුරුදු අත්හැර උදෑසන අවදි වීම, ඔයාගේ දෛනික , මානසික සැලැස්මට අනුව කාර්යක්ෂමව උන්නදුවෙන් වැඩ කිරීමට පුරුදු වන්න.

සත්‍ය නම් ඔයාට යමක් අවංකවම අවශ්‍ය නම් ඔයා තුල එය ලබා ගැනීමට කිසිදු කම්මැලිකමක් ඇති වන්නේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha