Trouser එකක් ගන්න කළින් දැනගත යුතුම දේවල්
දැන් ගොඩක් අය අඳින්නේ trouser නේ. ඉතින් නිතරම trouser එක හුරු වෙලා තියෙන්නේ ඒක ඇන්දම තියෙන පහසුවට වගේම fashion එකට.හැබැයි සමහර අය නම් වැඩිය trouser එකට කැමති නැහැ.ඒ කොහොම වුණත් trouser එකක් ඕනෙවට එපාවට නම් අරන් හරියන්නේ නැහැ.ඒ නිසා අද මම කියන්නම් trouser එකක් ගන්න කලින් හිතන්න ඕනේ දේවල් මොනවද කියලා
Body shape එකට match වෙනවද
Trousers ගන්නකොට ඔයාට match වෙන්නේ Slim fit, slim cut, regular, stretched ආදී ඩෙනිම් ජීන්ස් වර්ග මෙන්ම High හෝ low-waisted ජීන්ස් වර්ග ද කියලා බලලා තමයි ගන්න ඕනේ.ඔයා ඒක කවදාවත් බලන්නේ නැහැනේ.අන්න ඒ නිසා තමයි සමහර trousers ඇන්දම ලස්සන වගේම තවත් ඒවා ඔයාට ලස්සන නැතුව පෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් Body shape එකට match වෙනවද කියලා බලන්න
Fabrics සහ colors
Normally අපි දන්නවනේ එක එක විදිහට එක එක style වල trouser තියෙනවා කියලා.ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන් බලන්න ඕනේ trouser එකේ fabrics එක කොච්චර කාලයක් තියෙනවද කියන එක.ඒ වගේම colour එක.colour එක බලන්න හේතුව තමයි ගොඩක් trousers සෝදනකොට එකේ පාට වෙනස් වෙනවා.එතකොට ගන්නකොට තිබුන quality එක නැති වෙනවානේ.ඒ නිසා තමයි colour එක ගැන බලන්න කියන්නේ
පෙනුමෙන් මනින්න එපා
සමහර වෙලවට අපි කරන වැරද්දක් තමයි පිට පෙනුමෙන් සහ ඉනේ size එක label එකෙන් බලල අරගෙන එන එක.ඇදලා බලන්නෙත් නැහැ.ගෙනාවට අඳින්නත් බැහැ.comfortable බවකුත් නැහැ.ඒ නිසා trousers එකක් ගන්න ගියහම size එක බලලා වර්ග කිහිපයකින් trousers කිහිපයක් අරගෙන fitton කරලා බලන්න.ඇඳගෙන ඉන්න අපහසු ගතියක් තියෙනවද ,නැත්නම් හොඳයිද කියන එක තීරණය කරන්න වෙන්නේ එහෙම කරලා.ඒ නිසා කවදාවත් trousers එකක් ගන්න ගියහම fitton කරන්නේ නැතුව අරන් එන්න නම් එපා. කවදාවත් මේ දේවල් හිතුවේ නැහැ නේද trouser එකක් ගන්න කළින් . අද ඉදලවත් ගියා ගත්තා ආවා theory එක පැත්තකට දාල හොදට හිතලා බලලා trouser එකක් ගන්න පුරුදු වෙන්න .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |