නිවෙස් වල භාවිතා වන TV සහ ශීතකරණ වල තත්වය අනුව විදුලි බිල වැඩි වන හැටි.

Sri Lanka Sri Lankan Peoples Sri Lanka Electricity Prices
By Wayomi Jun 15, 2023 07:04 AM GMT
Wayomi

Wayomi

Report

වසර දහයකට වඩා පැරණි ඇතැම් ශීතකරණ භාවිතයේදී මාසයකට විදුලි ඒකක 100ක් පමණ වැයවන බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා.

පවුන් පවසන ආකාරයට, පැරණි රූපවාහිනී යන්ත්‍රවලටද වොට් 80ත් 120ත් අතර විදුලි ධාරිතාවක් වැය වන බවත්, නවීන තාක්ෂණයෙන් සකස් කරන ලද LED රූපවාහිනී යන්ත්‍ර භාවිතයේදී වැය වන්නේ වොට් 40ක පමණ විදුලි ධාරිතාවක් බවයි.

තම සකසුරුවම වැදගත් වුවත් පැරණි ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර භාවිතය නිසා මාසිකව විශාල මුදලක් විදුලි බිලට වැය කිරීමට සිදුවන බව එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ සඳහන් කරනවා.

එමෙන්ම ඔහු පවසන ආකාරයට පැරණි ශීතකරණය ලබාදී නව ශීතකරණයක් මිලදී ගැනීමට කටයුතු කරන්නේ නම් මාසයකට ඒ සඳහා වැය වන්නේ විදුලි ඒකක 30ක ප්‍රමාණයක් පමණයි. 


ReeCha