තමිල්නාඩුවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නිවාස ලබා දෙයි.

By Hashini Sep 18, 2023 05:06 AM GMT
Report

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමති විසින් තමිල්නාඩු ප්‍රාන්තයට ගොස් සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවට නිවාස ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙරටින් ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා වූ කඳවුරු පුනරුත්ථාපන කඳවුරු ලෙස නම් කර තිබෙනවා.

තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි,කොයිම්බතූර්,විරුදුනගර් සහ ශිවගංග යන ප්‍රදේශ කිහිපයකම මෙම කඳවුරු ඉදිකර තිබෙනවා.

පසුගිය 2021 වසරේදී මෙම කඳවුරු තුළ ශ්‍රී ලාංකිකයන් රැඳී සිටිනවා.

ඉන්දියාවේ කඳවුරු 19ක සිටි ජනතාවට මෙලෙස අලුතින් ඉදිකරන ලද නිවාස 1,500ක් ලබා දීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය රුපියල් මිලියන 79.70ක් මේ සඳහා වියදම් කර ඇති බවද සඳහන්.