හෝමියෝපති වෙදකම් කරන විදිහට විකෘති කාම මධ්‍යස්ථානයක් කරන් ගිහින් - බඩුත් එක්කම හතරක් අත්අඩංගුවට

Report

විකෘති කාමාශාවන් සඳහා ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් තිදෙනෙකු හා එහි හිමිකරු අද (24) දින අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මෝදර සහ හංවැල්ල ප්‍රදේශවල පදිංචි කාන්තාවන් තිදෙනකු හා එහි හිමිකරු වශයෙන් පෙනී සිටි හෝමියෝපති වෛද්‍යවරයෙකු බව පොලිසිය වාර්තා කරයි.

මෙම වැටලීම සිදු කර ඇත්තේ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මුවාවෙන් විකෘති කාමාශාවන් ඉටු කර ගැනීමට සේවා සපයන මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය වෙත ලද තොරතුරක් මත බව සඳහන්.

ලංවිම ඉදිරි පැය 48 ගැන අනතුරු අඟවයි - සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පටන් ගන්නවා

ලංවිම ඉදිරි පැය 48 ගැන අනතුරු අඟවයි - සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පටන් ගන්නවා

එබැවින් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීමෙන් පසුව මුල්ලේරියාව අඹතලේ හන්දිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලක් පවත්වාගෙන යන මෙම විකෘති කාමාශාවන් ඉටුකරන මධ්‍යස්ථානය උපාය දූතයෙක් යොදවා වටලා පරීක්ෂා කර ඇත.

ඒ අනුව උපාය දූතයා රුපියල් හත්දහසක මුදලක් ගෙවා කාමාශාවන් ඉටුකර ගැනීමට සූදානම් වනවාත් සමඟම ලබාදුන් දුරකථන සංඥාව අනුව ආවේශන රාජකාරියෙන් අවට රැඳී සිටි නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළට පැමිණ පරීක්ෂා කර ඇත.

ඉතිහාසය වෙනස් කරමින් විශ්වීය එන්නතක් - ‍රෝග රැසකට ලාංකික මහාචාර්යවරයෙක්ගෙන් විසඳුමක්

ඉතිහාසය වෙනස් කරමින් විශ්වීය එන්නතක් - ‍රෝග රැසකට ලාංකික මහාචාර්යවරයෙක්ගෙන් විසඳුමක්

එහිදී හෝමියෝපති වෛද්‍ය ක්‍රම මුවාවෙන් විවිධ කාමාශාවන් ඉටුකර ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ කාමාශාවන් විකෘති ආකාරයට ඉටුකර ගැනීමට පහසුකම් සැලසෙන උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇත.

ඒ අතර ප්ලාස්ටික් ලිංගික අවයව ,වේවැල් දම්වැල් , මාංචු, රබර් පටි , රබර් ලිංගික අවයව, ලණු , කඹ ඇතුළු විවිධ මාදිලියේ උපකරණ රැසක් වේ.

එමෙන්ම ඒ සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් පැයකට රුපියල් හත්දහසේ සිට දස දහස දක්වා මුදල් අය කොට කාන්තාවන් ලවා මෙම විකෘති කාමාශාවන් ඉටු කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

විවාහ ගිවිසගෙන මාස තුනකට පසු සිදූ වූ ඛේදවාචකය

විවාහ ගිවිසගෙන මාස තුනකට පසු සිදූ වූ ඛේදවාචකය