අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශන අවසන් ද?

Report

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විට සියයට 80ක් පමණ අවසන් වී ඇති බව පොලිසිය පවසයි.

අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා මෙසේ සඳහන් කළේ 2026 පෙබරවාරි 13 වැනිදා වාර්තා වූ මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දින තුනක් ඇතුළත ප්‍රධාන වෙඩික්කරු ඇතුළුව පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූ බවයි.

ලංවිම ඉදිරි පැය 48 ගැන අනතුරු අඟවයි - සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පටන් ගන්නවා

ලංවිම ඉදිරි පැය 48 ගැන අනතුරු අඟවයි - සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පටන් ගන්නවා

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තිදෙනෙකු දින 90ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටින අතර, සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඉදිරි විමර්ශන සිදුකරමින් සිටින බව ද ඔහු කීය.

තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටින අතර, ඉදිරි දින කිහිපය තුළ වැඩිදුර ප්‍රගතියක් අපේක්ෂා කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගල් අඟුරු ගැටලුවට කැබිනට් තීරණය

ගල් අඟුරු ගැටලුවට කැබිනට් තීරණය