2026ට විදෙස් සංචාරක පැමිණිම ලක්ෂ 5 ඉක්මවයි

Report

 2026 වසර ආරම්භයෙන් මේ දක්වා දිවයිනට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ජනවාරි 1 සිට පෙබරවාරි 12 දක්වා කාලය තුළ සංචාරකයින් 505,751 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම අධිකාරිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වේ. එමෙන්ම පෙබරවාරි 01 සිට 22 දක්වා කාලසීමාව තුළ පමණක් සංචාරකයින් 228,424 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

මධ්‍යම බෙංගාල බොක්කේ අඩු පීඩනය දුර්වල වෙයි-කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

මධ්‍යම බෙංගාල බොක්කේ අඩු පීඩනය දුර්වල වෙයි-කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

විශේෂයෙන්ම පෙබරවාරි මාසයේ ගතවූ සති තුන තුළ සෑම සතියකම සංචාරක පැමිණීම් 70,000 සීමාව ඉක්මවා ගොස් ඇත. පළමු සතියේ 70,355ක්, දෙවන සතියේ 77,870ක් සහ තෙවන සතියේ 71,101ක් ලෙස එම සංඛ්‍යා වාර්තා වී ඇත.

රටවල් අනුව බැලූ විට වැඩිම සංචාරක පිරිස ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 89,277කි. ඊට අමතරව බ්‍රිතාන්‍යයෙන් 55,407ක්, රුසියාවෙන් 45,351ක්, ජර්මනියෙන් 35,413ක් සහ චීනයෙන් 31,621ක් ද මෙරටට පැමිණ තිබේ.

තවද ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් කිහිපයකින් ද සැලකිය යුතු සංචාරක පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. 

ලංවිම ඉදිරි පැය 48 ගැන අනතුරු අඟවයි - සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පටන් ගන්නවා

ලංවිම ඉදිරි පැය 48 ගැන අනතුරු අඟවයි - සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පටන් ගන්නවා