මෙරට HIV ආසාදිතයින් ඉහළට - වැඩි වූ රෝගීන් සංඛ්‍යාව මෙන්න.

Sri Lanka Ministry of Health Sri Lanka HIV Symptoms
By Wayomi Nov 02, 2023 06:34 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ HIV ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව ගත වු මාස කිහිපය තුළ HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය කියා සිටියේ.

"ලංකාවේ HIV තත්ත්වය ගත්තහම මේ වර්ෂයට 4,100ක් ඇස්තමේන්තු කරලා තියෙනවා. මේ අවුරුද්දේ ජනවාරි මස 1 වනදා ඉඳලා සැප්තැම්බර් මාසය අවසන් වෙනකල් නව HIV ආසාදිතයින් හමුවෙලා තියෙනවා 485ක්. මේක සාපේක්ෂව ගිය වසරත් එක්ක සලකා බලද්දි වැඩිවීමක් විදියට තමා අපි දකින්නේ. HIV පරීක්ෂාව වැඩිපුර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන සමග එකතුවෙලා වැඩිපුර කරනවා. ඒ වගේම තමා මේ අතරින් 80%ක්ම වාර්තා වෙන්නේ පිරිමි අය අතරේ. අවුරුදු 15 - 49ත් අතර තමා වැඩිපුරම HIV ආසාදනය වැඩිවෙන්නේ."

"වැඩිපුරම වැඩසටහන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව කරන්නේ, වැඩිපුරම අවදානම් කණ්ඩායම් එම ප්‍රදේශ දෙකේ ඉන්න නිසා. "ප්‍රජාව බලගන්නමු - ඒඩ්ස් වළකමු" කියන තේමාව යටතේ දෙන විශේෂම පණිවුඩය තමා, HIV පරීක්ෂාවක් කරගෙන තමන්ගේ තත්ත්වය හඳුනාගන්න. ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුයුක්ත දිවයින පුරා තියෙන ජාතික ලිංගාශ්‍රිත රෝග සායන 40ක් තියෙනවා."

ReeCha