එන්න එන්නම මෙරට HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යව ඉහළට.
HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ දෙවැනි කාර්තුව තුළ සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ, එම කාලය තුළදී HIV ආසාදිතයන් 181 දෙනෙකු වාර්තා වී ඇති බවත්, එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව 39% ක පමණ වැඩි වීමක් බවත්ය.
ඒ, අනුව පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී HIV ආසාදිතයන් 130 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම වසරේ දෙවැනි කාර්තුවේ වාර්තා වූ ආසාදිතයින් අතර අවුරුදු 15 – 24 අතර පිරිමි 26 දෙනෙකු සහ ගැහැණු 3 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම වසර තුළදි මරණ 28 ක් වාර්තා වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් වාර්තාවේ දැක්වෙනවා.
මේ අතර ලෝකයේ මේ වන විට HIV ආසාදිතයන් මිලියන 39 ක් සිටින අතර සෑම අවුරුද්දකම අලුතින් ආසාදිතයන් මිලියන 1.3 ක් වාර්තා වෙනවා.
එමෙන්ම පසුගිය වසරේදී ඒඩ්ස් සම්බන්ධ රෝග හේතුවෙන් හය ලක්ෂ තිස් දහසක් පමණ මියගොස් තිබෙනවා.
