දුමින්දට ජනපති සමාව දීම ගැන භාරතගේ බිරිය පළමුවරට එළියට එයි
duminda silva
Sri lanka
bharatha lakshman
hirunika premachandra
By Sithumi
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම හිමිව සිටි දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් පළමු වතාවට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිය වූ සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය අදහස් පළ කිරීමට කටයුතු කළාය.
එහිදී ඇය සදහන් කර සිටියේ මින් ඉදිරියට තම පවුලේ කිසිවකුට හෝ කරදරයක් සිදුවුවහොත් භට ජනාධිපතිවරයා වගකිව යුතු බවකි.
කෙසේවුවත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත යාමට බලාපොරොත්තු නොවන බවත්, එසේ වුවහොත් එයින්ද පීඩාවට පත් වන්නේ මේ රටේ ජනතාව බවත් ඇය සදහන් කර සිටියාය