‘දෙවනි ඉනිමෙන් ඉවත් වීමට සූදානම්’ දෙවෙනි ඉනිමේ උදේනි ඇන්ටි හෙවත් හිමාලි කරන්න යන දේ

sri lanka Himali sayurangi acctress athula adhikari
By Sithumi Jul 24, 2021 05:33 PM GMT
Sithumi

Sithumi

Report

දෙරන නාලිකාවේ විකාශනය වන “දෙවෙනි ඉනිම” ටෙලිනාට්‍යයේ උදේනි අම්මා එහෙම නැත්නම් අනුහස්ගේ අම්මා කියලා කිව්ව ගමන් අපි හැමෝම දන්නවා ඇය කවුද කියලා.

ඇය නමින් හිමාලි සයුරංගි. හිමාලි සයුරංගි කියලා කියන්නේ ඉතාමත් දක්ශ රංගන ශිල්පිනියක්.කලා ක්ශේත්‍රයේ ඉන්න ඉතාමත් සුන්දර අහිංසක රසික ආකර්ශන තවමත් නොඅඩුව ලැබෙන රංගන ශිල්පිනියක්.ඇයගේ රංගන කෞශල්‍ය සදහා ඇය සම්මාන රැසකටම පාත්‍රවෙලා තියෙනවා.

2008 වසරේදී ඇයට සිකුරු හතේ සිනමාපටය සදහා හොදම නැගී එන නිලිය ලෙසත්,2016 වසරේදී ඇයට හොඳම නිලියට හිමි සම්මානයන් දෙකක් ලැබී ඇත.එම වසරේම ඇය කුසලතා සම්මානයක්ද ලබා ඇත.තවද 2020දී ඇය ඇගයීම් සම්මානය දිනා ඇත.ඇය රංගනට පමණක් නොවේ ,නර්තන ශිල්පිනියක් ලෙසත්,නිවේදිකාවක් ලෙසත්,හඩකැවීමේ ශිල්පිනියක් ලෙසද කටයුතු කරනු ලබයි.

ඉතින් ඇය දෙරන නාලිකාවේම විකාශනය වුණු ඉතාමත් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වූ ආදරනීය පූර්නිමා ටෙලිනාට්‍යයට පසුව දෙරණ නාලිකාවේ දැන් විකාශනය වෙමින් පවතින දෙවනි ඉනිම ටෙලිනාට්‍යයට ඇය සම්බන්ධ වෙන්නේ ඇය රංගනයෙන් දායක වන දෙවෙනි මෙගා නාට්‍ය ලෙසටයි.ඉතින් ආදරනීය පූර්නිමා ටෙලිනාට්‍යය වගේම දෙවනි ඉනිම ටෙලිනාට්‍යය තුල ඇය කරන චරිතයට ප්‍රේක්ශකයන්ගේ ආදරය ඉතා ඉහලින් ලැබීම විශේෂත්වයක්.

ඇය මේ දිනවල පවසන්නේ නම් දෙවනි ඉනිම නිසා ඇයට නොසිතූ ප්‍රේක්ශක ආදරයක් ලැබුණු බවයි.ඒ වගේම ඇය කියනවා දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇය රගදක්වන්නේ ප්‍රධාන චරිතයන්ගෙන් එකක් ලෙසත් ඉදිරි දිනක තමා රංගනයෙන් දායක වන චරිතය විශේෂයෙන් අවශ්‍ය නොවන විට ඇය දෙවනි ඉනිම ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙන බවයි.ඒ වගේම ඇය පවසනවා ඇය ඇයට ලැබුණු චරිතය සදහා සාධාරණයක් කල බවත් නමුත් ඇයගේ චරිතය ඉදිරියේදි අවශ්‍ය නොවී තිබුණොත් දෙවනි ඉනිම ටෙලිනාට්‍යයට ඇය ඉවත් වීමට සූදානම් බවයි.

කොහොම වුනත් හිමාලි සයුරංගි කියලා කියන්නේ ප්‍රේක්ශකයන්ගේ ආදරය කවදත් හිමි කර ගත් දක්ශ රංගන ශිල්පිනියක්. ඇයගේ ජනප්‍රියත්වය හැමදාම එක ලෙස තබා ගැනීමට ඇය සමත් වෙලා තියෙනවා.ඉතින් ඔයාලා කවුරුත් ආදරේ කරන හිමාලි සයුරංගිගේ සුන්දර ඡායාරූප කිහිපයක් දැන් අපි බලමු.

You may like this Video 👇 

විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සිදුකරන විශේෂ ප්‍රකාශය



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery