මුළු රටක් හඬවමින් මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය වීර නිලධාරීන් දෙදෙනාගේ කඳුළු කතාව මෙන්න

By Kanchana Jul 14, 2026 09:50 AM GMT
Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. 

මීගමුව බන්ධනාගාර ඛේදවාචකයේ මුළු මහත් රටම කම්පාවට පත් කළ සිදුවීමක් විය .

මෙම සිදුවීමෙන් ජීවිත 31ක් නැතිවිය.

   අද (14) වනවිට සතියක් ගෙවී ගොස්ය තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ . 

මෙම ලේ වැගිරුණු ගැටුම පසුගිය ජූලි 6 වැනිදා උදෑසන සිදුවිය.

මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මරුට - ඒ අනුව මියගිය ගණන 31ක් දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මරුට - ඒ අනුව මියගිය ගණන 31ක් දක්වා ඉහළට

සිරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම පාලනය කිරීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු රාජකාරිය ඉටු කරමින් දිවි පිදූ අතර, රැඳවියන් 21 දෙනෙකු ද එහිදී ජීවිතක්ෂයට පත්විය.

සතියක් පුරා දැඩි සත්කාර ඒකකයේ ජීවිතය වෙනුවෙන් සටන් කළ බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ සන්දික ලෂාන් ගුණවර්ධන මහතා සහ මධුසර රණවීර මහතා අවසානයේ සිය ජීවිත ගමනට සමුදුන්හ.

මධුසරගේ සමු ගැනීම

බන්ධනාගාර නියාමකවරයෙකු වූ මධුසර රණවීර මහතා ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 25කි. ලුණුගම්වෙහෙර, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු සිය තරුණ වයස සහ නිහතමානී ස්වභාවය නිසා බන්ධනාගාරයේ සියලු දෙනාගේ ආදරය දිනාගෙන සිටියේය.

බන්ධනාගාර නියාමකවරයෙකු වූ මධුසර රණවීර මහතා ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 25කි.

ලුණුගම්වෙහෙර, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ

ඔහු සිය තරුණ වයස සහ නිහතමානී ස්වභාවය නිසා බන්ධනාගාරයේ සියලු දෙනාගේ ආදරය දිනාගෙන සිටියේය.

රාජකාරිය වෙනුවෙන් දිවිපිදූ තවත් එක් තරුණ වීරයෙකුගේ කතාව මෙලෙසින් ඉතිහාසයට එක්වි‍ය.

මුළු රටක් හඬවමින් මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය වීර නිලධාරීන් දෙදෙනාගේ කඳුළු කතාව මෙන්න | Heroes Of The Negombo Incident

සමුගත්   සන්දික

අම්බලන්තොට, පලාගහගොඩැල්ලේ පදිංචි 39 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු වූ සන්දික ලෂාන් ගුණවර්ධන මහතා ද සතියක් පුරා ජීවිතය වෙනුවෙන් කළ සටන අවසන් කරමින් ඊයේ (13) රාත්‍රියේ ජීවිතයට සමුදුන්නේය.

ඔහුගේ වියෝව තවත් හදවතට දැනෙන්නේ ඔහුගේ පවුල් පසුබිමද ඊට එක්වන බැවිනි.

වයස අවුරුදු 7ක් වූ ඔහුගේ පුතු හදවත් රෝගයකින් පීඩා විඳින අතර, ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍යව ඇත.

ඔහුගේ සමීපයන් පවසන්නේ සිය පුතුගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් සන්දික මහතා දිගින් දිගටම මුදල් සොයමින් සිටි බවයි

බන්ධනාගාර ගැටුමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පවා, ඔහුගේ සිතේ තිබුණේ තම පුතුගේ අනාගතය පිළිබඳ සිතුවිල්ල බව ඔහු දැන සිටි අය සඳහන් කරයි

ඔහුගේ පුතුගේ ජීවිතය බේරා ගැනීමට සමාජය එක්වීම ඔහුට දැක්විය හැකි උතුම්ම ගෞරවයක් වනු ඇත.

මේ අයුරින් තම රාජකාරිය වෙනුවෙන් මේ විරුවෝ දිවි පූජා කරන ලදි    


Gallery