සුරේෂ් සලේට මොකද වෙන්නේ? අද අභියාචනාධිකරණ නියෝගය මෙන්න
අද (14) අභියාචනාධිකරණය විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තබා ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුර කරුණු දැක්වීම් සිදුකල අතර පසුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම් ලබන 17 වනදා දක්වා කල්තැබීමට ද අධිකරණය නියම කර ඇත.