කොළඹ සී.සී.ටී.වී මෙහෙයුමකින් හදුනාගත් විශේෂ දේ මෙන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Colombo
By Aruna Feb 18, 2024 04:12 AM GMT
Aruna

Aruna

Report

මේ මාසයේ ගත වූ දින 15ක කාලය තුළ කොළඹ නගරය ආශ්‍රිත ව සීසීටීවී දර්ශන මඟින් වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 793 දෙනෙකු හදුනාගත් බව පොලීසිය නිවේදනය කර තිබෙනවා.

අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ස්ථාන 300කට පමණ තොරතුරු දැනුම් දී ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.

2023 වසරේ බීමත් ව රිය පැදවීම් සම්බන්ධ නඩු 26,000ක් පමණ වාර්තා වී ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ.

ReeCha