Delta ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ගෙන් බලධාරීන්ට උපදෙස්

Pavithra wanniarachchi
By Sithumi Jun 18, 2021 12:05 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දියාවේ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයින් කිහිප දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් වෛරසය පිටතට පැතිරීම වැළැක්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙන ලදී.

අද දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති කොවිඩ් 19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේ දී මෙම නව වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටළුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

ඒ අනුව, එම ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්, ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු අයවළුන් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්, දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂන සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත්, තීරණය කරන ලදී.

මෙම පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය සියළුම භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කර න ලෙසට සෞඛ්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now