රෝහල් උපකරණ තොගයක් මන්නාරම් වෙරළටත් ගොඩ ගොඩ ගැසෙයි
මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වංකාලෙයි මුහුදු වෙරල සීමාවටද රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට ධීවරයින් සහ ප්‍රදේශවාසීන් පවසා සිටිති. රෝහල්වලින් ඉවතලන එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවට ප්‍රදේශයේ ධීවරයින් විසින් පෙන්වා දෙයි.
අදාල රෝහල අපද්‍රව්‍ය යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි රෝහල්වලින් නොවන බවටත් ඉන්දියාවෙ තමිල්නාඩු රෝහල්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මෙලෙස උතුරු මුහුදු තීරයට දැමීමෙන් ගසාගෙන එන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.
කෙසේ වෙතත් අදාල රෝහල් අපද්‍රව්‍ය පසුගියදා ගිනිගත් එක්සප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් වලින්දැයි යන්න සොයා බැලිය යුතු බවටද මන්නාරම් ධීවරයින් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමටද ප්‍රදේශවාසී ජනතාව කටයුතු කර තිබෙනවා.