මධ්‍යම කඳුකරයට තද වැසි.
Nuwara Eliya
Sri Lanka
Weather
By Hashini
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ පස්වරුවේ අධික වර්ෂාවක් ඇද හැලුණා.
එම වර්ෂාවත් සමඟ ඩෙවොන් සහ සෙන්ක්ලෙයාර් යන දියඇලි වල ඇද හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා.
එසේම වර්ෂාවත් සමඟ හැටන් - කොළඹ සහ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගවල දැඩි මීදුම් තත්ත්වයක් ද පවතිනවා.
රථ වාහන ධාවනය සඳහා බාධා පැමිණ තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ ඉහළ කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව ඉහළ ගොස් ඇති නිසා එහි වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත් වන ලෙසයි.
