නානුඔය නගරය ජලයෙන් යටවේ - රථවාහන ගමනාගමනයටත් බාධා
නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ අද (12) ප.ව. 12ට පමණ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ නානුඔය නගර මධ්‍යය ජලයෙන් යටවීමෙන් රථවාහන මෙන්ම දුම්රිය ධාවනයටද බාධා පැමිණි බව වාර්තා වේ.
අධික වර්ෂාවත් එක්වරම ප්‍රධාන මාර්ගය දිගේ විශාල ජල ධාරාවක් ගලා ඒම හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවූ අතර, නානුඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි රදැල්ල ප්‍රදේශයේ උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ඕඩිසි දුම්රිය විනාඩි 15කට පමණ නතරකිරීමට සිදුවූ බව නානුඔය දුම්රිය ස්ථාන නිලධාරියෙකු පවසයි. පසුව එම පස් කන්ද කපා ඉවත් කිරීමෙන් දුම්රිය බදුල්ල දක්වා ධාවනය කළ බවද ඔහු සඳහන් කළේය.
නානුඔය නගරයට විශාල ජල ධාරාවක් ගලා ඒම හේතුවෙන් එහි වෙළඳසැල් කිහිපයකද ජලයෙන් යටවී ඇති බවද වාර්තා වේ. මෙම සිදුවීම් හේතුවෙන් ප්‍රදේශයේ රථවාහනයටද දැඩි බාධා එල්ල වී ඇති අතර, ආරක්ෂක ආධාරකරුවන් විසින් තත්ත්වය ස්ථිර කිරීමේ කටයුතු සිදුකරමින් සිටියි.